අධික බදු බරට එරෙහිව අද සිට විරෝධතා මාසයක්

අධික බදු බරට එරෙහිව අද සිට විරෝධතා මාසයක්

අධික බදු බරට එරෙහිව අද (01) සිට ලබන 28 දක්වා අඛණ්ඩ විරෝධතා මාසයක් ක්‍රියාත්මක කිරීමට සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබේ.

සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි පවැසුවේ, බදු ඉහළ දැමීමත් සමඟ ජීවන වියදම ඉහළ යාම මෙන්ම ඖෂධ හිඟයට විරෝධය පළ කරමින් මෙම විරෝධතා මාසය ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව සෑම රෝහලක් ඉදිරිපිටම දහවල් කෑම පැයේ විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර අසාධාරණ බදු අය කිරීම හා ආර්ථික ගැටලු හේතුවෙන් වෛද්‍යවරුන් ඉංජිනේරුවරුන් ඇතුළු වෘත්තිකයින් රැසක් රට හැරයමින් සිටින බව වෘත්තීයවේදීන් පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, පසුගිය වසර ආරම්භයේ සිට මේ දක්වා වෛද්‍යවරු 1000 කට ආසන්න පිරිසක් විදේශ රැකියා සඳහා යොමු වී ඇති බවය.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරු 50 කට අධික සංඛ්‍යවක් පසුගිය වසරේ විදේශ රැකියා සඳහා යොමු වී ඇති බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සමලේකම් ඉසුරු කස්තුරිරත්න මහතා පැවසීය.