බංගලියන් සමඟ යළි මිතුරු වූ හතුරු

බංගලියන් සමඟ යළි මිතුරු වූ හතුරු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු වන චන්දික හතුරුසිංහ බංග්ලාදේශ එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස නැවතත් තේරී පත්කරගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

ඒ බංග්ලාදේශ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ රසල් ඩොමින්ගෝ පසුගිය දා එම තනතුරින් ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා යි.

2014 සිට 2017 දක්වා ද කාලය තුළ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කළ අතර අනතුරුව ඔස්ට්‍රෙලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත කණ්ඩායමේ සහායක පුහුණුකරු ලෙස එක් වුණා.

හතුරුසිංහ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ක්‍රිකට් බලධාරීන් පැවසුවේ හතුරුසිංහ අදාල කණ්ඩායමේ දැරූ තනතුරෙන් ඉවත්වූ බවයි.

https://es.pn/3DulWgp