වසරේ ක්‍රීඩා පාසල කොළඹ නාලන්ද – වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙල්ලාලගේ

වසරේ ක්‍රීඩා පාසල කොළඹ නාලන්ද – වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙල්ලාලගේ

ජගත් කෙලිබිමේදී දස්කම් දැක් වූ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් SPORT UNLEASH පාසල් ක්‍රීඩා සම්මාන උත්සවය පසුගියදා කොළඹදී පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක සහභාගිත්වයෙන්.

මෙහිදී දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්මානයෙන් පිදුම් ලබද්දී ක්‍රීඩා ඉසව්වන් 15කින් මෙහිදී සම්මාන පිරිනමනු ලැබුවා.

එහිදී වසරේ ක්‍රීඩා පාසලට හිමි සම්මානය කොළඹ නාලන්දා විද්‍යාලය දිනා ගත්තා.

වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ දුනිත් වෙල්ලාලගේ සම්මාන දිනා ගනිද්දී,වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ විශ්මි ගුණරත්නයි.

වසරේ පාසල් මල්ලවපොර ක්‍රීඩිකාව ලෙසින් නෙත්මි අහිංසා සම්මාන දිනා ගත්තා.

මීට අමතරව ජූරියේ විශේෂ සම්මාන කොළඹ ආනන්ද විද්‍යාලයේ දනිඳු චිරාත් සෙල්ලප්පෙරුමට සහ විශ්මි ගුණරත්නට හිමිවුණා.