අවුරුදු 14 ට අඩු දරුවන් අතර ලාදුරු අවදානම වැඩි වෙයි

අවුරුදු 14 ට අඩු දරුවන් අතර ලාදුරු අවදානම වැඩි වෙයි

පසුගිය වසරේ වාර්තා වී ඇති ලාදුරු රෝගීන්ගෙන් සියයට 10.2 ක් වයස අවුරුදු 14 ට අඩු දරුවන් බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා.

පසුගිය වසරේ වාර්තා වී ඇති ලාදුරු රෝගීන් සංඛ්‍යාව 1,325 ක්.

සෞඛ්‍ය අංශ පවසන්නේ අදවන විට මෙරට වයස අවුරුදු 14ට අඩු පාසල් දරුවන් අතරේ ලාදුරු රෝගය ව්‍යාප්තවීම වැඩිවීමේ අවදානමක් මතුව ඇති බවය.

ශ්වසනමයික්‍රෝ බැක්ටීරියම් ලෙප්‍රෙ නමැති බැක්ටීරියාවක් මගින් බෝවන රෝගයක් වන ලාදුරු රෝගය මිනිස් ශරීරයේ සමට සහ ස්නායු පද්ධතියට බලපෑම් එල්ල කරයි.

මෙම රෝගයේ බෝවිම සිදුවෙන්නේ රෝගය බෝකළ හැකි මට්ටමේ පවතින අයෙකුගේ කෙළ සහ සෙම බිඳිති තවත් පුද්ගලයෙකුගේ ශ්වසන පද්ධතියෙන් ශරීරයට ඇතුළු වීම මගිනි.

1995 වසර වන විට ශ්‍රී ලංකාව ලාදුරු රෝගය තුරන් කළ රටක් ලෙස නම් කළද, 2000 වසරේ සිට යළි රෝගින් වාර්තා වීමක් සිදුවුණි.

මේ වන විට මෙරටින් වසරකට රෝගින් 1,500ත් – 2,000ත් අතර සංඛ්‍යාවක් වාර්තා වේ