ප්‍රසිද්ධ ඉන්දීය නළුවෙක් ලංකාවේ

ප්‍රසිද්ධ ඉන්දීය නළුවෙක් ලංකාවේ

ප්‍රසිද්ධ ඉන්දීය නළු Ashish Vidyarthi ලංකාවට පැමිණ තිබෙනවා.

ඉන්දීය සිනමාවේ දැවැන්තම දුෂ්ඨ චරිතය ලෙසයි Ashish Vidyarthi රසිකයින් හමුවට පැමිණෙන්නේ.

ඔහු ලංකාවට පැමිණි පසු සිය ෆේස්බුක් පිටුවට සජීවීව පැමිණ තම රසික රසිකාවියන් සමඟ ශ්‍රී ලංකාවට පැමිණි ගමන ගැන කතා කර තිබුණා.

ලොව පුරා සිටින ජනතාව ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බවද ඔහු එහිදී සඳහන් කර තිබුණා.

තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන දෙවන අවස්ථාව මෙය බවත් මෙම සංචාරය Let’s lanka ලෙස නම් කර ඇති බවත් ආශිෂ් විද්‍යාර්ථි සඳහන් කරනවා.

ගිල්ලි සිනමාපටය හරහා Ashish Vidyarthi මෙරට සිනමා රසිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වුණා.