ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණයක්

ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණයක්

වෙළඳපොළ පොලී අනුපාත තීරණය කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව, බැංකු මහ බැංකුවේ කරනු ලබන තැන්පතු සඳහා කරනු ලබන පොලිය හෙවත් නිත්‍ය තැන්පතු අනුපාතිකය 14.5% ක් ලෙස තවදුරටත් පවතිනු ඇති.

මහ බැංකුව බැංකු සඳහා ණය සැපයීමේදී අයකරනු ලබන පොලී අනුපාතිකය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 15.5 %ක් ලෙසත් තවදුරටත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවදුරටත් මෙවැනි ඉහළ පොලී අනුපාතිකයක් පවත්වාගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

මේ අතර 2022 අවසානය වන විට ශ්‍රී ලංකාවේ දල නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.

මේ අතර, චීනයේ මහජන බැංකුවේ swap පහසුකම ඇතුළු ව එය ඇමරිකානු ඩොලර් බිලියන1.4කට සමාන බව යි වාර්තා වන්නේ.