කාසිය වාසිය ළඟ අතරමන් වූ ශර්මා

කාසිය වාසිය ළඟ අතරමන්  වූ ශර්මා

සංචාරක නවසීලන්ත කණඩායම සහ ඉන්දියාව අතර තරඟ 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය රායිපූර් හි ෂහීඩ් වීර් නාරායන් සිං ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත් වුනා.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයාට තම කණ්ඩායමේ තීරණය ලබා දීම අමතකව යෑම කාගේත් අවධානයට යොමු වුනා. දෙලොවක් අතර අතරමන් වූ ශර්මා තත්පර 15ක පමණ වේලාවක් සිය තීරණය ලබා දීමට ගත කලා. කෙසේ වෙතත් අවසානයේ ඉන්දීය ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත ඉනිම පන්දු වාර 34.3 ක දී ලකුණු 108 කට සීමා වුනා. ග්ලේන් පිලිප්ස් ලකුණු 36යි.

ආක්‍රමණශීලී පන්දු යැවීමක නිරත වූ ඉන්දීය වේග පන්දු යවන්නෝ නවසීලන්ත ඉනිම සුනු විසුනු කලා. මොහොමඩ් ෂමී කඩුලු 3 ක් සහ හර්දික් පාන්ඩයා, වොෂින්ටන් සුන්දර් අතර කඩුලු 2 බැගින් බෙදී ගියා. ශර්දුල් ඨාකූර්, සිරාජ් හා කුල්දීප් යාදව් එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.

පිළිතුරු ලෙස ඉන්දියාව පන්දුවාර 20.1 ක දී කඩුලු 2ක් දැවී ලකුණු 111ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා. රෝහිත් ශර්මා ලකුණු 51යි.

මේ අනුව තරගාවලිය 3ට 2ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා. දෙරට අතර 3වන සහ අවසාන එක්දින තරඟය ඉන්දෝර් හි දී ජනවාරි 24 වනදා පැවැත්වීමට නියමිතයි.

https://bit.ly/3iZm54b