වසන්ත මුදලිගේට සහ ගල්වැව සිරිධම්ම හිමිට ඇප

වසන්ත මුදලිගේට සහ ගල්වැව සිරිධම්ම හිමිට ඇප

පොදු දේපොලවලට හානි කිරීම පිළිබඳ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය හා හික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරුවන් වන වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ඇප මත නිදහස් කෙරුණා.

මේ දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මුදලක් නියම වූ බව යි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් මෙම නියෝගයත් සමඟ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි ඇප මත නිදහස් වන නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවදුරටත් රඳාවාගෙන සිටිනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 89ක් රඳවා තිබිය දී වසන්ත මුදලිගේ හා ගල්වැව සිරිධම්ම හිමි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග වුණා.

ඉන් පසු වයි ඔවුන් දෙදෙනා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට උසාවිය නියෝග කළේ.