ප්‍රවීණ ගී පද රචක හේම ශ්‍රී ද අල්විස් දිවි රඟමඩලින් සමුගනී

ප්‍රවීණ ගී පද රචක හේම ශ්‍රී ද අල්විස් දිවි රඟමඩලින් සමුගනී

ප්‍රවීණ ගී පද රචකයෙකු වන හේම ශ්‍රී ද අල්විස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1941 වසරේ අප්‍රේල් 29 වනදා කොල්ලුපිටියේ උපත ලැබූ ඔහු ඊයේ මියයන විට 81 වන වියේ පසු වුණා.

ශ්‍රීනි විභූෂිත ලංකා බැබලේ, දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා, ඇයි බඹරෝ පෙම් මල අතහැරලා, මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ, ඔබ සොයනා කළු කෙල්ල මමයි, පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු මෙම ලක් බිමේ, සඳක් නැගේ – සඳක් දිලේ සාගරේ ඇතුලු ගීත 4,000කට අධික සංඛ්‍යාවක් ඔහු විසින් රචනා කර තිබීම විශේෂත්වයක්.

අභාවප්‍රාප්ත ගායන ශිල්පිනී අයිරින් ද අල්විස් ගේ ස්වාමි පුරුෂයා වන හේම ශ්‍රී ද අල්විස්ගේ දේහය මේ වනවිට වාද්දුව – තල්පිටියේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරුවේ වාද්දුව වේරගොඩ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත යි.