විශාල පිරිසක් සමඟ “ෂිෆ් ෆයිව්” කොළඹට

විශාල පිරිසක් සමඟ “ෂිෆ් ෆයිව්” කොළඹට

ලොව අතිසුඛෝපභෝගි මගී නෞකාවක් වන මේන් ෂිෆ් ෆයිව් නෞකාව අද (29) අලුයම කොළඹ වරායට සේන්දු විය.

වරාය අධිකාරියේ හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා මහතා සඳහන් කළේ, මගීන් 2014 ක් සහ කාර්ය මණ්ඩල සමාජිකයින් 922 ක් රැගෙන එම නෞකාව දිවයිනට පැමිණි බවයි.

දිගින් මීටර් 295 ක් වන මේන් ෂිෆ් ෆයිව් නෞකාවේ මගීන් 2500 කට පහසුකම් සලසා තිබේ.

එම නෞකාව අද රාත්‍රියේ කොළඹ වරායෙන් පිටත්ව ගොස් හම්බන්තොට වරාය වෙත යාත්‍රා කරනු ඇති.

එය හෙට (30) රාත්‍රී 9.00 යට දිවයිනෙන් පිටත්ව යන බව වරාය අධිකාරියේ හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මේ වසර අවසානයට පෙර මෙවැනි අතිසුඛෝපභෝගි තවත් මගී නෞකා 04 ක් දිවයිනට සේන්දු වන බවයි.