ගුවන් යානයක් අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් මතට කඩාවැටේ

ගුවන් යානයක් අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් මතට කඩාවැටේ

ඇමරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේදී සැහැල්ලු ගුවන් යානයක් අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් මතට කඩාවැටීමෙන් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 90,000කට අධික ප්‍රමාණයකට විදුලිය ඇණහිට තිබෙනවා.

මෙම යානය අඩි 100 ක් පමණ අධි බලැති විදුලි රැහැන් කණුවක රැඳී ඇති අතර, නියමුවා සහ මගියෙකු නිරුප්‍රද්‍රිතව එහි රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන් මුදාගැනීම සඳහා ගිනි නිවන භටයින් මේ වනවිටත් උත්සහයක නිරතවනවා.

ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය සහ මීදුම් තත්වය මත ඔවුන් ගළවාගැනීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

https://bit.ly/3EJ8sNF