කබ්‍රාල්ට රට ගමන් තහනම දීර්ඝ වෙයි

කබ්‍රාල්ට රට ගමන් තහනම දීර්ඝ වෙයි

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්ට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම දීර්ඝ කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද(24) තීරණය කළා.

ඒ අනුව කොළඹ මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේ, ඔහුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම එළඹෙන දෙසැම්බර් මස 15 වැනි දා වන තුරු දීර්ඝ කිරීමටයි.

2006 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් හිටපු දකුණු පළාත් ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් විසින් කරන ලද පුද්ගලික පැමිණිල්ල විභාගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව මෙම නියෝගය අධිකරණය විසින් අද ප්‍රකාශයට පත් කළා.

COMMENTS