ලෝව මිත්‍රශීලී රටවල් දහය අතරට අපේ රටත්

ලෝව මිත්‍රශීලී රටවල් දහය අතරට අපේ රටත්

2022 පාඨක තේරීම් සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාව ලෝකයේ මිත්‍රශීලී රටවල් දහය අතරට පත් වූ බව Condé Nast Traveler නිල වෙබ් අඩවිය පවසනවා.

එම වෙබ් අඩවියේ 2022 පාඨක තේරීම් සම්මාන උළෙලේ දී, මිත්‍රශීලී පුද්ගලයින්ගේ නිවහන ලෙස ඔවුන් සලකන රටවල් සඳහා ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඔවුන් පාඨකයන්ගෙන් ඉල්ලා සිටි අතර ඔවුන්ගේ මනාපය අනුව මිත්‍රශීලී රටවල් දහය තෝරා ගෙන තිබෙනවා.

එම ලැඉස්තුවේ පළමු ස්ථාන ලෙස ප්‍රංශ පොලිනීසියාව නම් කර ඇති අතර ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ පසු වන්නේ නව වැනි ස්ථානයේ යි.

ශ්‍රී ලංකාවට එම ස්ථානය වෙන් කරන අදාල වෙබ් අඩවිය කියා සිටින්නේ, “ළමයින්ගේ සිට මහලු අය දක්වා, ශ්‍රී ලංකාවේ මිනිසුන් අමුත්තන්ට ඇති ආදරය සහ උපකාර කිරීමට ඇති අවංක ආශාව සඳහා ප්‍රසිද්ධය. දකුණු වෙරළ තීරයේ, මිරිස්සේ තල්මසුන් නැරඹීමේ ගවේෂණ චාරිකාවක යාත්‍රා කරන්න, ගාල්ල කොටුව නගරයේ වර්ණවත් බුටික් සාප්පු සවාරි යන්න අවස්ථාව තිබෙනවා. ඒ වගේ ම අවිනිශ්චිත වංගු සහිත මාර්ග ඔබව රටේ තේ වතුවල හදවත වෙත ගෙන යාවි. නැතහොත්, දුර ඈත දර්ශන සඳහා සීගිරි පර්වතය තරණය කරන්න.” යනුවෙන්.

එම ලැයිස්තුවේ රටවල් ස්ථානගත කර ඇත්තේ මෙසේයි.

  • ප්‍රංශ පොලිනීසියාව (French Polynesia)
  • කොලොම්බියාව (Colombia) 
  • නවසීලන්තය (New Zealand) 
  • තායිලන්තය (Thailand) 
  • කොස්ටාරිකාව (Costa Rica) 
  • බොට්ස්වානා (Botswana)
  • පේරු (Peru) 
  • බෙලීස් (Belize)
  • ශ්‍රී ලංකාව (Sri Lanka)
  • පිලිපීනය (Philippines)

https://bit.ly/3rEoRgc