යළි පිබිදෙන කූරගල

යළි පිබිදෙන කූරගල

අක්කර 100 ක පමණ වපසරියකින් යුතුව පංච මහා විහාරාංරගවලින් සුසැදිව ඉදිවන මේ කූරගල රජමහා විහාරය අඩි 125 ක පමණ උසැති අසදිසි ශාක්‍ය සුගත මහ සෑය , 3000 කට එකවර සිල් සමාදන් විය හැකි අසදිසි ශාක්‍ය සුගත දම්සභා මණ්ඩපය , උතුම් ධාතුන් වහන්සේලා උදෙසා මනරම් ලී කැටයම් ආදියෙන් සමන්විතව ඉදිවන සුගන්ධ කුටිය , සංඝාවාසය , බුදු පිළිම වහන්සේ මෙන්ම ආර්‍යශ්‍රාවක සුමන සමන් දේව ප්‍රතිමාව , අඩි 30 ක් උසැති සිංහ රූපය ඇතුළු නිර්මාණ රැසක් මෙන්ම වැව් පොකුණු, මනරම් උද්‍යාන, මංමාවත් ආදියෙන් ද සමන්විත මහ වෙහෙරක් ලෙස ඉදිවෙමින් පවතිනවා…

මේ උතුම් පින්කෙත නිමැවෙන්නේ සසුනඹර බබළවන විශ්වකර්ම නෙල්ලිගල හාමුදුරුවෝ ලෙසින් කවුරුත් හඳුනන පූජනීය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ අධිශ්ඨානයෙන් හා අපරිමිත කැපවීමෙනි.මේ සඳහා උන්වහන්සේ සමඟ ගිහි පැවිදි බොහෝ සත්පුරුෂයෝ එක්ව සිටිති.

කූරගල අසදිසි ශාක්‍ය සුගත මහ සෑයේ ගර්භ නිධානෝත්සවයට සමගාමීව මේ උතුම් පින්බිමේ මනරම් පිංකම් රැසක් ජනවාරි 16,17,18 තෙදින පුරාවට පැවැත්විණි.

17 වනදා උතුම් දුරුතු පුරපසළොස්වක පොහෝ දිනය පුරාවට උතුම් සීල සමාදාන වැඩසටහන ඇතුළු නෙක පින්කම් රැසක් පවත්වා තිබුනා.

එමෙන්ම පසුගිය දවසක කූරගල පුදබිමේ හදිසි නීරීක්ෂණයක නිරත වුන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිකිරීම් කඩිනම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබුණා.