කාන්තාවන්ගේ කොණ්ඩය කැපුවේ ආශාවට – සැකකරුවෙක් කියන කතාව

කාන්තාවන්ගේ කොණ්ඩය කැපුවේ ආශාවට – සැකකරුවෙක් කියන කතාව

තරුණියන්ගේ සහ කාන්තාවන්ගේ කොණ්ඩා හොර රහසේම කපන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා පසුගිය දිනෙක බස් රථයක ගමන් කළ පාසල් සිසුවියන් දෙදෙනෙකුගේ කොණ්ඩය කපා දමා ඇති බව පොලීසිය පවසයි.

බණ්ඩාරවෙල හීල්ඔය ප්‍රදේශ‌යේදී මෙම සිදුවීමට මුහුණ දුන් එක් සිසුවියක් සිය පියාට දැනුම්දීමෙන් පසු සැකකරු අල්ලා ගැනීමට හැකි වී තිබුණි.

සැකකරු 33 හැවිරිදි ඌව පරණගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මේ සම්බන්ධයෙන් සැකකරුගෙන් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයා සිසුවියන් සහ කාන්තාවන් රැසකගේ කොණ්ඩා කපා ඇති බවයි.සැකකරුගේ බෑගයක් තුළ තිබී එලෙස කපන ලද කොණ්ඩා ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මොහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදි ඔහු පවසා ඇත්තේ තමන්ගේ ආශාවට එලෙස සිදුකළ බවයි.