ඉදිරියේ දී පෝර්ට් සිටි පොකුරක් (ඡායාරූප)

ඉදිරියේ දී පෝර්ට් සිටි පොකුරක් (ඡායාරූප)

පසුගිය දින කිහිපය තුළ මෙන්ම ඊයේ (18) දිනයේදීත් කොළඹ වරාය නගරය නැරඹීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.

කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් සිදුවන මෙම ඒකරාශී වීම හේතුවෙන් යළිත් කොවිඩ් ව්‍යාප්තියේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

ඒ මහතා වැඩි දුරටත් පවසන්නේ මෙම තත්ත්වයත් සමඟ ඉදිරියේ දී පෝර්ට් සිටි පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවයි.

කොළඹ වරාය නගරයේ මරීනා කලාපයේ ඉදිකෙරුණු පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය ජනතාවට විවෘත වීමත් සමඟ නිමා වූ දීර්ඝ සතිඅන්තයේ දී මෙන්ම අද දිනයේත් විශාල පිරිසක් එය නැරඹීමට පොදිකන ආකාරය දක්නට ලැබුණා.

කොවිඩ් වෛරසයේ ඕමික්‍රෝන් ව්‍යාප්තිය වැඩිවෙන මෙම කාලසීමාව තුළ සෞඛ්‍ය නීති නොසලකා හරිමින් එලෙස පැමිණෙන ජනතාව හැසිරෙන ආකාරය සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුණා.