ළගදී තිරයට එන “ආශාවරී”

ළගදී තිරයට එන “ආශාවරී”

සිනමාවට යලි වසන්තයක් උදා වෙන ලකුණු

වසර දෙකක පමන සිට කොරෝනා වසංගතය නිසා ව්‍යවසනයට පත්ව සිටි ජනතාවට කිසිදු කලා කටයුත්තකට සහභාගී වී තම විවේකය සතුටින් ගතකරන්නට අවකාශයක් තිබුනේ නැති බව අපි දනිමු.

එවන් කාලපරිච්චේදයක් කෙමෙන් පහව යද්දී අපේ සිනමාව තුල යලිත් හොඳ සිනමා සංස්කෘතියක් ඇතිවන ලකුණු පෙනෙන්නට තිබීම ඉතාම සතුටට කරුනෙකි.කොරෝනා වසංගත කාලය පහව යද්දී අලුත්ම සිනමා පට පහක් තිරයට ආවේය.

අඳුරු හෙවනැලි
භව තරණ
ගිනිමල් පොකුරු
කවුරුත් දන්නේ නෑ
ජංගි හොරා
එම චිත්‍රපට පහයි

ළගදීම තිරයට එන්න බලන් ඉන්න තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කල “ආශාවරී” මේ අධ්‍යක්ෂවරයාගේ කුලුඳුල් සිනමාපටයයි.

ජයලත් මමෝරත්න, හේමාල් රණසිංහ, සාරංග දිසාසේකර, බිමල් ජයකොඩි, සේමිණි ඉද්දමල්ගොඩ, ජයනි සේනානායක, දිනිති වල්ගමගේ, ලසන්ත උඩුකුඹුර, රුවි ලක්මාලි, දනුෂ්ක ඩයස්, රොහාන් රණතුංග, ඉෂංකා ජානවී මෙහි චරිත මවති. රුවන් කොස්තා කැමරා අධ්‍යක්ෂවරයාය.

සද්ධාමංගල සූරියබණ්ඩාරගේ තිර රචනයකි. කතා සංකල්පය සහ සම සංගීත අධ්‍යක්ෂණය තේජා ඉද්දමල්ගොඩගෙනි. සුරේෂ් මාලියද්ද සංගීත අධ්‍යක්ෂවරයාය.

නන්දන වික්‍රමගේ සහ කැලුම් ශ්‍රීමාල් ගීපද රචනයෙන් එක් වෙති. සුනිල් ප්‍රේමරත්නගේ කලා අධ්‍යක්ෂණයකි. දමින්ද ඩී. මඩවල සහ ඉඳුනිල් දැරණියගල සහාය අධ්‍යක්ෂවරුන්ය. ඇඳුම් නිර්මාණය ලසන්ත උඩකුඹුරගෙනි. ඉන්දික උදාර ලංකා අංග රචනා ශිල්පියාය.