යාත්‍රාවක් පෙරළි 43ක් මියයයි

යාත්‍රාවක් පෙරළි 43ක් මියයයි

දකුණු දිග මොරොක්කෝවේ ට්‍රෆියා ප්‍රදේශයේ සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් පෙරලීමෙන් පුද්ගලයින් 43දෙනෙකු මියගොස් තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි.මෙලෙස මියගිය අය අතර කුඩා දරුවන් ද වේ.

මියගිය පුද්ගලයින්ගෙන් මෙතෙක් සොයා ගැනීමට හැකිව තිබෙන්නේ මළසිරුර දෙකක් පමණක් වන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.අනතුරට මුහුණ දුන් පුද්ගලයින්ගෙන් දසදෙනෙකු පමණක් ජීවිතය බේරා ගැනීමට සමත්ව ඇත.

මොවුන් ට්‍රෆියා හි සිට ස්පාඤ්ඤයේ කැන්රි දූපත බලා යාත්‍රා කර ඇති අතර, එම දූපතට ඇති දුර කිලෝමීටර් 100ක් පමණ වේ.

පසුගිය වසර දෙක තුළ පමණක් සංක්‍රමණිකයින් 4000ක සංඛ්‍යාවක් මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කරයි.

https://bit.ly/3A9r8mW