දීර්ඝ නිවාඩුවට විනෝද වෙන්න ගියා නම් මේ ගැනත් දැනගන්න

දීර්ඝ නිවාඩුවට විනෝද වෙන්න ගියා නම් මේ ගැනත් දැනගන්න

දීර්ඝ සති අන්තයේ විවිධ සංචාරවල හා පුද්ගලයින් වැඩි වශයෙන් එක් රැස්වන ස්ථානවල රැඳී සිටි පුද්ගලයින්ට උණ හෝ ශ්වසන රෝගී තත්ත්වයන් නිරීක්ෂණය වන්නේ නම් කඩිනමින් පරීක්ෂණ සඳහා යොමුවීම වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

මේ දිනවල ඩෙංගු රෝගයත් පවතින හෙයින් දීර්ඝ කාලයක් සුළුවෙන් හෝ උණ පවතී නම් එවැනි රෝගී තත්ත්වයන්ගෙන් වැළකීමට කටයුතු කිරීම ඉතා වැදගත් බව ඔහු පවසයි.

මේ අතර කොවිඩ් රෝගීන් සඳහා ඔක්සිජන් අවශ්‍යතාව සුළු වශයෙන් ඉහළයාමක් දක්නට ලැබෙන බව ඔහු සඳහන් කරයි.

මෙම තත්ත්වය සෞඛ්‍ය පද්ධතියට වැඩි බලපෑමක් නොවුණ ද එය තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීම සඳහා පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.