ජනතාවට පොරොන්දු වූ සියල්ල ඉදරි අවුරුදු 03 තුළදී ඉටු කරනවා – ජනපති

ජනතාවට පොරොන්දු වූ සියල්ල ඉදරි අවුරුදු 03 තුළදී ඉටු කරනවා – ජනපති

ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු සියල්ල ඉදිරි වසර 03 තුළදී ඉටු කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. එතුමා මේ බව කියා සිටියේ කොළඹ, නුවර යා කෙරෙන මධ්‍යම අධිවේගයේ මීරිගම – කුරුණෑගල කොටස ජනතා අයිතියට පත් කරමින් මේ අදහස් දක්වා සිටියා

  • ජනතාව ඉදිරියේ තැබූ පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරනවා …
  • ගොවියා ආරක්ෂා කරන බවට සහතිකයක් …
  • මාධ්‍යවේදීන්ට සංවර්ධනයේ පාර්ශ්වකරුවෙකු වීමට ආරාධනා …
  • බොරු ප්‍රචාරයන්ගෙන් අධෛර්යමත් නොවන්නැයි ඉල්ලීමක් …
    ජනපති සභාව අමතමින් පවසයි.

ගංවතුරින් වන හානිය මගහරවා ගැනීමට මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසින් කිලෝමීටර් 10කට ආසන්න ප්‍රමාණයක් (25%) කණු මතින් ඉදිකර තිබේ. රථවාහන ධාවනයේ දී ඇතිවන ශබ්දය පාලනයට ද බාධක යොදා තිබීම විශේෂත්වයකි.
රටේ ජනතාව ඉදිරියේ වසර පහකදී ඉටු කිරීමට පොරොන්දු වූ සියල්ල ඒ අයුරින් ම ඉදිරි තෙවසර තුළ ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උත්සව සභාව අමතමින් පැවසීය.

ගොවි පවුලකින් පැවත එන නායකයෙකු ලෙස සැම විටම ගොවියා රැකගැනීමට ප්‍රමුඛතාවය ගෙන ක්‍රියා කරන බවට ජනාධිපතිතුමා සහතික විය. තමා බලයට පැමිණි අවස්ථාවේ පුරන් කුඹුරු අස්වැද්දූ තරුණයන් අමතක නොකරන බවත් ඔවුන්ට නැවතත් වගා සංග්‍රාමයකට එකතු වීමට ආරාධනා කරන බවත් ජනාධිපතිතුමා පැවසීය.රුපියල් 95කට හෝ වී මිලදීගෙන ගොවියා ශක්තිමත් කිරීමට තමා කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන් බව ද ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබීය.

මාධ්‍ය සමග තරගයක් නැහැ. අපි බලයට පැමිණ සිටින්නේ රට හදන්නයි. එහිදී සංවර්ධනයේ පාර්ශ්වකරුවකු වන්නැයි ජනාධිපතිතුමා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීය. බොරු ප්‍රචාරයන්ගෙන් අධෛර්යමත් නොවී රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට එක්වන ලෙස සියලුම මහජන නියෝජිතයන්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලා සිටියේය.