ඒගොල්ලෝ දැන් එහෙමනම් අනාගතේ රජ වෙන්නේ කොහොමද කියලා බලමු

ඒගොල්ලෝ දැන් එහෙමනම් අනාගතේ රජ වෙන්නේ කොහොමද කියලා බලමු

ආණ්ඩුවෙන් ඉවත්ව යන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (15) ප්‍රතිචාර දැක්විය.ඒ හම්බන්තොට පැවති නිදහස් පක්ෂ සම්මේලනයකදීය.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා,

“මේ ටිකේ දිගටම අහන්නේ ආණ්ඩුවෙන් යනවද කියලා. ඕක මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා “අරුණ” පත්තරේ කරපු සම්මුඛ සාකච්ඡාව අරන් බලන්න. එතුමා කියන්නේ මගේ ආණ්ඩු කාලයේ මාත් එක්ක හිටියා සමසමාජේ, කොමියුනිට්ස්. ඒ අයත් විරුද්ධ වුණා. මේ වගේ ප්‍රශ්න ඇතිවුණේ නෑ කියලා එතුමා කියනවා.”

“හැබැයි අනාගතයේ රජවරු වෙන්න ඉන්න කට්ටිය කොහොමද කතා කරන්නේ. කවුරුවත් නෙමෙයි අපේ නාමල් මහත්තයා මං දැක්කා…ඊයේ පෙරේදා කියනවා. ශ්‍රීලනිපයට යන්නලු. තැන් තැන්වල අඬන්නේ නැතුව. ඒගොල්ලන් දැන් එහෙමනම් අපිට කතා කරන්නේ..අනාගතයේ රජ වෙන්නේ කොහොමද කියලා බලමු, ජනාධිපති, අගමැති වෙන්න ඕන නම් හැම පක්ෂයක්ම ඕනේ.”