බොරැල්ල පල්ලියේ බෝම්බය පිටුපස දේශපාලන හස්තයක්

බොරැල්ල පල්ලියේ බෝම්බය පිටුපස දේශපාලන හස්තයක්

බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයට බෝම්බයක් රැගෙන ඒමේ සිදුවීම පිළිබඳ අනුර කුමාර දිසානයක විශේෂ ප්‍රකාශයක් සිදු කරනවා. රාගම පැවති ජනහමුවක් අමතමින් ඔහු පැවසුවේ, නිතැතින් ම එම සිදුවීම පිටු පස දේශපාලන හස්තයක් ඇති බවයි.

සිදුවීමට අදාළ නො වන පුද්ගලයෙකු අත් අඩංගුවට ගනිමින් පොලිසිය සිදු කරන්නේ සත්‍යය වසන් කොට හැංඟිමුත්තන් සෙල්ලමක් බවට යි ඔහු ප්‍රකාශ කළේ.

වැළලී ගිය මෙරට සියලු අපරාධ පසුපස අදිසි දේශපාලන හස්තයක් හා රැකවරණයක් පවතින බව අවධාරණය කරන අනුර කුමාර දිසානායක, මෙම දේශපාලන අර්බුද සමඟ රට ගොඩ නැඟිය නොහැකි බව හෙළිදරව් කරනවා.

ඉන් මිදී නිවැරැදි දේශපාලන දැක්මක් සහිත දියුණු රාජ්‍යයක් ගොඩ නැඟිය හැක්කේ, නව පන්නයේ නිදහස් මහජන ව්‍යාපාරයක් තුළින් බවටයි ඔහු සඳහන් කරන්නේ.