නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසියට සූදානම

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසියට සූදානම

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය විවෘත කිරීමෙි උත්සවය සඳහා පෙරහුරුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

ඊට පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නිලධාරිහු සහ ශ්‍රී ජයවර්ධනපුර, ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියෝ එක්ව සිටියහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 18 වැනි අඟහරුවාදා පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය විවෘත කිරිමේ උත්සවය චාම් අයුරින් සංවිධාන කර ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය විවෘත කිරීමේ උත්සවය මෙන් මෙම අවස්ථාව ද ඉතා චාම්ව සංවිධාන කරන ලෙස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලද ඉල්ලීම මත එම කටයුතු චාම් ව සිදු කෙරෙන බවයි වේත්‍රධාරිවරයා සඳහන් කළේ.

ඒ අනුව මෙවර උත්සවයට ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි ඇතුළත් කෙරෙන්නේ නැහැ.