පැරෂුටයක් සමග විදෙස් ජාතිකයා බිම ඇඳ වැටෙයි

පැරෂුටයක්  සමග විදෙස් ජාතිකයා බිම ඇඳ වැටෙයි

දෙල්තොට ලූල්කඳුර වතු යායේ කොණ්ඩගල කන්දෙන් පැරෂුටයකින් පැන ඇති රුසියන් ජාතිකයකු පැරෂුටය ගුවනේදී අක්‍රීය වීම නිසා බිම ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා.

ඔහු ප්‍රතිකාර සඳහා පේරාදෙණිය මහ රෝහල වෙත ඇතුල් කළ බවයි වාර්තාකරුවන් සඳහන් කළේ.

එක්වරම කඩා වැටී ඇති පැරෂුටය ගසක අත්තක රැඳී පසුව එම අත්තද සමග බිමට කඩා වැටී තිබෙනවා.

ප්‍රදේශවාසින් 1990 ගිලන් රථයක් ගෙන්වා තුවාලකරු පේරාදෙණිය රෝහල වෙත ගෙන ගොස් තිබුණා.