ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විශේෂ ආධාරයක්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විශේෂ ආධාරයක්

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 900 කට වැඩි විදේශ විනිමය ආධාරයක් ලබාදී තිබේ.

මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කරගැනීම සඳහා එම ආධාරය ලබාදී ඇති බව වාර්තා වෙයි.

මීට පෙර ද ඉන්දියාව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කරගැනීම සඳහා ලබාදීමට කටයුතු කර තිබුණි.

මේ අනුව එම මුදලට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 500ක මෙම ආධාරය එකතු වනු ඇත.

මීට අමතරව ශ්‍රී ලංකාව විසින් ආසියානු නිෂ්කාශන බේරුම්කරණ රාමුව යටතේ ඉන්දියාවට ගෙවීමට තිබූ තවත් අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කර තිබේ.