විශාල යෝධ ග්‍රහකයක් පෘථිවිය පසුකර යාමට ආසන්නයි

විශාල යෝධ ග්‍රහකයක් පෘථිවිය පසුකර යාමට ආසන්නයි

අඩි 3500කට වඩා පළලින් යුත් යෝධ ග්‍රහකයක් පෘථිවිය දෙසට ගමන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තාරකා විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ, මෙම වස්තුව පෘථිවියට සාපේක්ෂව පැයට සැතපුම් 43,754 ක වේගයෙන් ගමන් කරන බවයි.

කෙසේ වෙතත්, එය පෘථිවියේ නොගැටෙන බවත් නමුත් එය 2022 ජනවාරි 18 වන දින පෘථිවියට ආසන්නව ගමන් කරනු ඇති බව තාරකා විද්‍යාඥයින් පවසනවා. වසර 47ක් පුරා රැස් කරගත් දත්ත භාවිතා කර එහි නිවැරදි කක්ෂය තීරණය කිරීමට ඔවුන්ට හැකි වි තිබෙනවා.

තාරකා විද්‍යාඥයින් එය නම් කර ඇත්තේ Asteroid 7498 (1994 PC1). මෙම ග්‍රහකය නිව් යෝර්ක් හි එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ උස මෙන් 2.5 ගුණයක් පමණ වනවා.

එහි විශාලත්වය සහ එය ග්‍රහලෝකයට ආසන්නව ගමන් කරන ආකාරය නිසා නාසා ආයතනය එය අනතුරුදායක විය හැකි ග්‍රහකයක් ලෙස සලකනු ලබනවා.

දැවැන්ත වුවද, Asteroid 7498 (1994 PC1) එහි ගමන් මාර්ගය වෙනස් වීම සහ එය පෘථිවියට සමීප කිරීම ගැන අප කරදර විය යුතු නැති බවයි.

ඇත්ත වශයෙන්ම, 7498 පෘථිවියේ සිට සැතපුම් මිලියන 1.2 ක් ඇතුළත පමණක් ගමන් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

එය පෘථිවිය සහ සඳ අතර දුර මෙන් පස් ගුණයකටත් වඩා වැඩි බවත් එය ඉදිරි වසර 200 සඳහා පැමිණෙන සමීපතම අවස්ථාව ද වන බව තාරකා විද්‍යාඥයින් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

එය පෘථිවියේ සිට බොහෝ ඈතට ගමන් කරන නිසා මෙම යෝධ ග්‍රහකය පියවි ඇසින් දැකීමේ අවස්ථාව ඉතා අඩුයි.

මෙම යෝධ ග්‍රහකය ප්‍රථම වරට සොයා ගන්නා ලද්දේ 1994 අගෝස්තු මාසයේදී රොබට් මැක්නොට් විසින්.

මෙම සොයාගැනීමේ ගෞරවය මැක්නෝට් සතු වේ, නමුත් අනෙකුත් තාරකා විද්‍යාඥයින් මීට පෙර ග්‍රහකය නිරීක්ෂණය කර තිබෙනවා.

https://bit.ly/31O1h7e