වාහන ආනයනයෙන් විදේශ විනිමය අර්බුදයට විසඳුමක්

වාහන ආනයනයෙන් විදේශ විනිමය අර්බුදයට විසඳුමක්

මෙරටට වාහනය ආනයනය කිරීමෙන් රජයට ඩොලර් මුදල් වලින් බදු අයකර ගැනීමට ඇති අවස්ථාවක් පිළිබදව ජපානයේ අන්තර්ජාතිතක විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය එන්.එස්. කුරේ මහතා පවසයි.

එන්.එස්. කුරේ

ඒ මහතා පැවසුවේ ජපානයේ වාහන අපනයනයකරුවන් විශාල පිරිසක් මෙරටට වාහනය අපනයනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

එලෙස වාහනය මෙරටට ආනයනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ව්‍යාපාරිකයෙකුගෙන් උදාහරණයක් ලෙස ඩොලර් 200ක් වටිනා එක් මෝටර් රථයකින් ඩොලර් 100ක බදු අයකර ගැනීමෙන් රජයට ආදායමක් උපයා ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

ඔහු දැක්වූ අදහස්

“ජපානයේ වාහන අපනයනකරුවන්ගේ සංගමයක් තියෙනවා. ජපානයෙන් විශාල වශයෙන් මෙහෙට වාහන එවනවා. ඒ ව්‍යාපාරිකයන් ළග සල්ලිත් තියෙනවා වාහන එවන්න. විදේශ විනිමය තියෙනවා.

එතකොට ශ්‍රී ලංකා රජයෙන් දුන්නොත් පියවරක් ලෙස වාහන ආනයනය කරන්න අවසර දුන්නොත්, උදාහරණයක් ලෙස ඩොලර් 100ක වාහනයක් ගෙනාවොත් ඩොලර් 200ක විතර ටැක්ස් එකක් ගන්නවා.

ඒ කිව්වේ ඩොලර් 100ක වාහනයක් ලංකාවට අපනයනය කරන කොට අර කිව්ව ඩොලර් 200 එවන්න පුළුවන්. එතකොට රජයට විදේශ විනිමයක් ලැබෙනවා. ගෙවන ටැක්ස් මුදල් කෙළින්ම පිටරට ඉදලා ලංකාවේ එකවුන්ට් එකකට දාන්න කියන්න පුළුවන්.

ජපානය විතරක් නෙමෙයි, ඇමෙරිකාව, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව වගේ රට වලිනුත් වාහන එවන කට්ටිය ඉන්නවා.එයාලට සල්ලි තියෙනවා.

රජය පියවරක් ගත්තොත්, එයාලට වාහන එවන්න කියලා අපිට ටැක්ස් එක ගෙවන්න කියන්න පුළුවන්.ඩොලර් 100ක වාහනයක් ලංකාවට අපනයනය කරන කොට ඩොලර් 200ක් ලංකාවට දෙන්න කියනවා.ඒක කෙටි කාලීන විදේශ විනිමය අර්බුදයට විසදුමක් වෙනවා අපේ රටට.මම දන්නේ නැහැ ඇයි ඒක කරන්නේ නැත්තේ කියලා අපේ රජය.”