රවී මෛත්‍රීගේ ෆයිල් එළියට අදියි

රවී මෛත්‍රීගේ ෆයිල් එළියට අදියි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්බන්ධ ලිපි ගොනු හතරක් තමා සතුව තිබෙන බවත් වේදිකා ගානේ වල්පල් දොඩවමින් නොසිට ඒ ලිපි ගොනු ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි අභියෝග කරන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (11) පැවසීය.

එදා මේ ප්‍රශ්න අදින්නේ නැතිව සිටීමේ ප්‍රතිවිපාක අදටත් විඳින බව කී කරුණානායක මහතා සුදු රෙදි ඇඳගෙන දේශපාලනය කරන්නට හදන පුද්ගලයන් ගැන සියලු තොරතුරු තමා සතුව තිබෙන බවද කීය.

එජාප තොටළඟ දේශපාලන කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ කරුණානායක මහතා කීවෙි කතා පළ කරමින් නොසිට වරදක් තිබෙනවා නම් ප්‍රසිද්ධ වේදිකාවේ ඕනෑම මොහොතක විවාදයට එන ලෙසත් එමගින් සැබෑ තත්ත්වය හෙළිදරව් වනු ඇති බවත්ය.