රංජන් රාමනායකගේ ඉල්ලීමට අවසර

රංජන් රාමනායකගේ ඉල්ලීමට අවසර

දැනට බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායකට, ඔහුගේ ඉල්ලිම පරිදි බන්ධනාගාරයේ සිට උසස් අධ්‍යාපනය හැදෑ රීමට අවසර ලැබී තිබෙනවා.

ඒ අනුව නාවල විවෘත විශ්වවිද්‍යාලයේ කළමණාකරන නායකත්ව පුහුණු තරුණ කටයුතු සහ ප්‍රජා සංවර්ධන උපාධිය හැදැරීම සඳහා පවතින නීති රීති වලට යටත්ව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඔහුට අවසර ලබා දී ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් පාලන සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ.

මෙම විෂයානුබද්ධ අධ්‍යාපනය මාර්ග ගත ක්‍රමයට ( Zoom ) තාක්ෂණය ඔස්සේ හැදැරීමට ද අවසර ලබා දි ඇති බව බන්ධනාගාර මුලස්ථානය වැඩි දුරටත් ප්‍රකාශ කළා.