භානුක ක්‍රීඩා ඇමති හමුවෙයි, තීරණය හෙට

භානුක ක්‍රීඩා ඇමති හමුවෙයි, තීරණය හෙට

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට පසුගියදා තීරණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද(12) පෙරවරුවේ සිදුව තිබෙනවා.

අරලියගහ මන්දිරයේ දී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට භානුක රාජපක්ෂ ගත් තීරණය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී විශ්‍රාම ගැනීමට ගත් තීරණය යළි සලකා බලන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා නැවතත් භානුකගෙන් ඉල්ලා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තවදුරටත් සලකා බලා හෙට දින සිය තීරණය ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දෙන බවයි.

ජනවාරි 03 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යවමින් භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළේය.