දුම්රිය සඳහා කලින් ආසන වෙන්කර ගන්න අයට දැනුම්දීමක්

දුම්රිය සඳහා කලින් ආසන වෙන්කර ගන්න අයට දැනුම්දීමක්

ඉදිරි දින වෙනුවෙන් කලින් ආසන වෙන් කිරීමේ කාර්යයන් අද (12) දින සිට සිදු නොකරන බව, දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

ඒ අනුව, දෛනිකව ධාවනය වන දුම්රිය සඳහා පමණක් ආසන වෙන් කිරීමේ කටයුතු සිදුකරන බවයි, එම සංගමය නිවේදනය කළේ.

දුර ගමන් සේවා දුම්රිය ධාවනය නිසි ලෙස ආරම්භ කිරීමට බලධාරින් අපොහොසත් වීම හමුවේ දුම්රිය මගීන් පත්වන අපහසුතාවය සලකා බලා මෙම තීරණයට එළඹි බව, දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩිදුරටත් කියා සිටියා.