තවත් සුපිරි ක්‍රීඩකයෙක් ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

තවත් සුපිරි ක්‍රීඩකයෙක් ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

දකුණු අප්‍රිකාවෙන් බිහි වූ තවත් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ක්‍රිස් මොරිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

තවමත් 34 හැවිරිදි වියේ පසුවන මෙම ක්‍රීඩකයා එරට ටයිටන්ස් ක්‍රිකට් කණ්ඩායමට පුහුණුකරුවෙක් ලෙස එක්වීමේ අරමුණින් ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තාකර තිබුණේ.

දොළොස් වසරක සිය වෘත්තීය ක්‍රිකට් දිවියෙන් පසු බූට් සපත්තු මෙලෙස එල්ලා තැබීමේ තීරණය ගත් ක්‍රිස් මොරිස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 04ක්, එක්දින තරග 42ක් සහ විස්සයි විස්ස තරග 23ක් ක්‍රීඩාකර තිබෙනවා.

https://bit.ly/3zU9fZ9