ණය නොදුන් නිසා බැංකුවට ගිනි තියලා (වීඩියෝ )

ණය නොදුන් නිසා බැංකුවට ගිනි තියලා (වීඩියෝ )

ඉන්දියාවේ කර්නාටක ප්‍රදේශයේ පුද්ගලයෙක් ඔහුගේ ණය අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමෙන් පසු බැංකුවට ගිනි තැබූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා

එරට පොලිසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයාට ණයක් අවශ්‍ය වී ඇති අතර අදාළ ලේඛන බැංකුවට ඉදිරිපත් කර ඇති බවයි

නමුත් ලේඛන පරීක්ෂා කිරීමෙන් පසු බැංකුව ඔහුගේ ණය අයදුම්පත ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහුගේ ණය ඉල්ලුම්පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නිසා කලබල වූ මෙම පුද්ගලයා හවේරි දිස්ත්‍රික්කයේ බැංකුවට ගිනි තබා ඇති අතර මේ වන විට ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

එමෙන්ම ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 436, 477, 435 වගන්ති යටතේ කගිනෙලි පොලිස් ස්ථානයේ නඩුවක් ගොනු කර ඇති බවද පොලිසිය සඳහන් කර තිබෙනවා.

https://bit.ly/31Jqxvl