නව දේශපාලන පක්ෂ 03ක් කරළියට

නව දේශපාලන පක්ෂ 03ක් කරළියට

2021 වර්ෂය සඳහා නව දේශපාලන පක්ෂ තුනක් ලියාපදිංචි කර තිබේ.

එම පක්ෂ මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව ලියාපදිංචි කර ඇති නව පක්ෂ වන්නේ,

*තමිල් මක්කල් කූට්ටනි
*නව ලංකා නිදහස් පක්ෂය
*දමිළ ප්‍රගතිශීලි සන්ධානය

තමිල් මක්කල් කූට්ටනි පක්ෂය උතුරු හිටපු මහ ඇමති සී.වී විග්නේෂ්වරන් මහතා විසින් ලියාපදිංචි කර ඇත.

මේ අතර 2022 වර්ෂය සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම් පත්‍ර කැඳවීමට ද මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මේ අතර, නොකඩවා සභාවාර තුනක් හෝ අඛණ්ඩව දින 90ක් සභා රැස්වීම් සඳහා නොපැමිණීම මත සභික ධූරය අහිමිවූ පළාත් පාලන ආයතනවල යම් සභිකයෙකු නැවත එම සභා කාලය තුළ සභික ධූරයක් සඳහා පත් කිරීමට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත අනුව කළ නොහැකි බවට කොමිෂන් සභාව තීරණය කර ඇත.