ජනමත විචාරණයකින් ආණ්ඩුවේ කාලයා දික් කරගන්න ලෑස්ති වෙන්න එපා

ජනමත විචාරණයකින් ආණ්ඩුවේ කාලයා දික් කරගන්න ලෑස්ති වෙන්න එපා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් ඡන්දෙන් පසු තම මන්ත්‍රීවරුන් කරපිංචා හපයක් සේ විසිකර දැමූ බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අත්සන් කෙරුණු ගිවිසුමේ කොන්දේසි කිසිවක් අද වනතුරු ඉටු කර නැතැයිද ඔහු චෝදනා කළේය.

ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමිනි. අද රටම අවුල් වී ඇති බවත් මෙහෙම ආහාර අහේනියක් මැතිනියගේ කාලෙදිවත් නොතිබූ බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.

මිනිස්සු එදා මෙහෙම පෝලිම්වල කුණුහරුප නොකිවූ බවද ඔහු පැවසුවේය. රටක් කරන්න නම් හොඳ කණ්ඩායමක් සිටිය යුතු බව පැවසූ සිරිසේන මහතා තනිව රටක් කිරීමට නොසිතිය යුතු බවද ප්‍රකාශ කළේ‍ය.

වත්මන් ආණ්ඩුව කාලය ජනමත විචාරණයක් මගින් දීර්ඝ කර ගැනීමට සූදානම් නොවන ලෙස තමා ඉල්ලා සිටින්නේ යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.