ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව යළිත් පෙරමුණට

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව යළිත් පෙරමුණට

ලෝක ටෙස්ට් ශූරතාවලියේ යළි පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද හැකියාව ලැබුණා.

ඒ, අළුබඳුන ටෙස්ට් තරගාවලියේ අද නිමාවූ සිව්වන තරගය ජය පරාජයෙන් තොරව අවසන්වීමත් සමඟයි.

මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන්වීමත් සමඟ මෙතෙක් ලෝක ටෙස්ට් ශූරතාවලියේ පෙරමුණ ගෙන සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහි ප්‍රතිශතය 100% සිට 83.33% දක්වා අඩුවුණා.

ඒ අනුවයි එහි දෙවන ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට යළි පෙරමුණට ඒමට හැකියාව ලැබුණේ.

ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාලව ටෙස්ට් තරග 02ක් ක්‍රීඩා කරමින් එම තරග 02ම ජයග්‍රහණය කර 100% ප්‍රතිශතයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.