6.00ට කලින් කෑම උයන්න

6.00ට කලින් කෑම උයන්න

පවතින විදුලි අර්බුදය හමුවේ රාත්‍රී ආහාරවේල සවස 06 ට පෙර පිළියෙල කර ගන්නැයි විදුලි උදුන් භාවිතකර ආහාර පිළියෙල කර ගන්නා ලෙස විදුලි පාරිභෝගිකයින්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කරනවා.

ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ එලෙස ජනතාව ක්‍රියාකිරීමෙන් විදුලිය විසන්ධි වීම අවම කර ගත හැකි බවයි.

තවත් දින 05කට අධික කාලයක් දිවයිනේ විවිධ ප්‍රදේශවල වරින් වර විදුලිය විසන්ධි විය හැකි බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

කෙසේ වෙතත් අද සහ හෙට දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට අපේක්ෂා නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

පෙරේදා දිනයේ මෙන්ම ඊයේ දිනයේද පස්වරු 6.30 ත් රාත්‍රී 10.30 ත් අතර කාලය තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලිය සැපයුම බිඳ වැටුණා. කැළණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක බිදවැටීමක් ඊට හේතු වී තිබුණා.