ටෙස්ට් වලට බායි ධනුෂ්ක කියයි

ටෙස්ට් වලට බායි ධනුෂ්ක කියයි

ටෙස්ට් තරග 8කට ක්‍රීඩා කර ඇති ඔහු ලකුණු 299ක් එහිදී රැස්කර ගෙන තිබෙනවා.

මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 8කට ක්‍රීඩා කර ඇති දනුෂ්ක එහිදී ලකුණු 299ක් රැස්කර ගෙන ඇත්තේ අර්ධ ශතක දෙකක් ද සමගින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත යොමු කරන ලද සිය ලිපියේ ධනුෂ්ක ගුණතිලක සඳහන් කර ඇත්තේ, තමන් තවදුරටත් සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට කැමැත්තෙන් පසුවන බවයි.

ඒ අනුව, පන්දුවාර 50 සහ පන්දුවාර 20 තරග සඳහා ජාතික කණ්ඩායමට හැකි උපරිම දායකත්වය ලබා දීමට කැමැත්තෙන් පසුවන බවත්, ඔහු සඳහන් කර තිබෙනවා.