මහනුවර ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ ජනපති නිරීක්ෂණයට

මහනුවර ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ ජනපති නිරීක්ෂණයට

වසර 400කට වඩා ඉපැරණි මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු අද (06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ දී සිර මැදිරියක් හා පසුකාලීනව රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ගොඩනැඟිල්ල නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගෙන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සංවර්ධනය කෙරුණා.

ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සියල්ල මුල් වකවානුවේ පැවති වලව්වේ පෞරාණික සැලැස්මට හානියක් නොවන පරිදි සිදු කර තිබෙනවා.

ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිම කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

දියවඩන නිලමේ නිලංග දෑල මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.