අගමැති තමයි අපේ අධ්‍යාත්මික නායකයා – වාසු

අගමැති තමයි අපේ අධ්‍යාත්මික නායකයා – වාසු

නව වසරේ රාජ්‍ය සේවකයින් ඊයේ දිනයේ සුපුරුදු පරිදි රාජ කාරී ආරම්භ කළා, ඊට සමගාමිව අමාත්‍යවරුන්ද තම ආයතනවල නව වසරේ වැඩ කටයුතු ආරම්භ කළා.

එහෙදී ජල සම්පාදන අමාත්‍ය වාසු දේව නානායක්කාර මාධ්‍යට මෙසේ අදහස් දක්වා සිටියා

භාණ්ඩ හිඟයක් තියෙන තුරු පෝලිම් තියෙනවා,මම හිතන්නේ භාණ්ඩ හිඟය ඉක්මනින්ම අපට අවසන් කරන්න පුළුවන් වෙයි, ගෑස් හිඟය තව දවස් 10ක් විතර, භූමිතෙල් හිඟය තව මාසයක් විතර තියේවි.

අගමැති තමයි අපේ අධ්‍යාත්මික නායකයා, එතුමාගේ රූපය එතුමාගේ චරිතය එතුමාගේ රැස් කදම්භය අපට හැමදාම මඟ පෙන්වන ආකාරය තමයි අපේ අනාගතයට යන ගමන.

ජනතාව පෝලිම් වල ඉන්න එක දුකයි, දුකයි කියලා අපට කරන්න දෙයක් නෑ, අපි ගිහිල්ලා පෝලිමේ ඉන්න කෙනාගේ සිලින්ඩරය උසන් හිටියා කියලා මේ ප්‍රශ්නය විසදෙන් නෑ ,අපි මේකට උපක්‍රමයක් යොදනවා, තව මාසයක් යනකොට මේක ඉවරයි යනුවෙන් පැවසීය.