සිස්ටම් එක වෙනස් කරන් නැතුව පුද්ගලයෝ ගෙනාවට හරියන් නෑ – උවිඳු විජේවීර

සිස්ටම් එක වෙනස් කරන් නැතුව පුද්ගලයෝ ගෙනාවට හරියන් නෑ – උවිඳු විජේවීර

තාත්තලා ගත්ත උපක්‍රම අපට තෝරාගන්න බැරි වෙයි. ඒ සටන් මේ කාලයට ගැලපෙන්නේ නෑ. ස්මාට් ෆෝන් එකත් එක්ක ගැට ගැහිච්ච ලෝකයක් අද තියෙන්නේ. ඒ ලෝකය ඇතුලේ අපට අලුත් සටනක් කරන්න යැයි රෝහණ විජේවිර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා පැවැසීය.

අපි ඉන්දියාවත් එක්ක හැප්පිලා වැඩක් තියෙනවද ? ලෝකේ බලවත් රටක් අපිට සංවේදී රටක් අපේ දේශපාලනය උපක්‍රමශීලි වෙනස් වෙන්න ඕනේ හම්බන්තොට වරාය ගන්නත්, ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටික ගන්නත් මේ තරුණ පරපුර දැන් වැඩ කරන්න ඕනේ, අලුතින් වැඩ හදලා අලුත් සමාජයක් බිහි කරලා මේ උගස් තිබ්බ දේ බේරගන්න.

අවුරුදු 75ක සේනානායක මහත්තයාගේ ඉදන් මේ දක්වා ආපු සමාජ ක්‍රමය තුල අපි හිරවෙච්ච අරබුදයක් තියෙනවා.මේකෙන් ගොඩ එන්නනම් අලුත් පිරිසක් අලුත් ව්‍යාපාරයක් අවශ්‍යයි,මේ සිස්ටම් එක වෙනස් කරන් නැතුව පුද්ගලයෝ ගෙනල්ලා වැඩක් නෑ, රටේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙලා චින්තනයේ පෙරළියක් අවශ්‍යයි යනුවෙන් වැඩිදුරටත් පැවසීය.