පියෙක්ට තරුණයෙක් අමානුෂික ලෙස පහර දෙයි

පියෙක්ට තරුණයෙක් අමානුෂික ලෙස පහර දෙයි

ගාල්ල, ඇල්පිටිය කුරුඳුගහ ප්‍රදේශයේ දී තරුණයෙක් විසින් වයෝවෘද්ධ අයෙකුට පහරදෙන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබුණි.

එලෙස පහරකෑමට ලක්ව ඇත්තේ, 63හැවිරිදි තිදරු පියෙකි. ඔහු මේ වනවිට ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් ඥාතින් විසින් ඇල්පිටිය පොලීසියට පැමිණිලි කර ඇත.