දුම්රිය හරස් මාර්ගයකදී සිදුවූ මාරක අනතුර ( ඡායාරූප )

දුම්රිය හරස් මාර්ගයකදී සිදුවූ මාරක අනතුර ( ඡායාරූප )

පෑලියගොඩ වනවාසළ දුම්රිය අසලදී ඉංජිනේරුවරයකු පැදුවු සුඛෝපභෝගී මෝටර් රථය දුම්රියක ගැටීමෙන් ඊයේ (31) ඉංජිනේරුවරයා එම ස්ථානය දීම මිය ගිය බව පෑලියගොඩ පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ වත්තල හුණුපිටිය කණ්ඩාගේ මාවතේ පදිංචිව සිටි ප්‍රියන්ත ප්‍රනාන්දු 55 යන අයයි

අනතුරක් සමඟ මෝටර් රථය ගිනි ගෙන ඇති බවට වාර්තා වෙයි

කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය වනවාසළ දුම්රිය හරස් මාර්ගයේ පසු කිරීමේදී දිප්පිටිගොඩ සිට වත්තල දෙසට දුම්රිය මාර්ගය හරහා මෝටර් රථය ධාවනය කිරීමේදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.