නව වසරේ උදාව පිළිගැනීමට රටම සූදානමින්

නව වසරේ උදාව පිළිගැනීමට රටම සූදානමින්

ශ්‍රී ලංකාවාසීන්ට 2022 නව වසර ආරම්භ වීමට තවත් ඇත්තේ තවත් හෝරා 4කටත් අඩු කාලයක්.

නව වසරේ උදාව මුලින්ම සටහන් වුණේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් වාසීන්ටයි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ හිඟය හේතුවෙන් ජනතාව අදත් (31) පෝලිම්වල සිටි අවස්ථා වාර්තා වූ අතර දැඩි දුෂ්කරතා හමුවේ වුව ද නව වසර උදාව පිළිගැනීම සඳහා ජනතාව සූදානමින් සිටිනවා.

කෙසේ වෙතත්, අදත් දඹුල්ල, බණ්ඩාරවෙල ඇතුළු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පැවතියා.

ඒ වුනත් ජනතාව 2022 වසර පිළිගැනීමට සූදානමින් සිටිනවා, 2022 වසරේ සැම දෙනාගේම බලාපොරොත්තුව මුළු ලෝකයෙන්ම කොවිඩ් රෝගය තුරන් වෙලා, සතුටින් ,සමගියෙන් ,ජිවත් වෙන්න ලැබෙන්න කියලා.