ඇමරිකා, රුසියා ජනපතිවරුන් දුරකථන සංවාදයක

ඇමරිකා, රුසියා ජනපතිවරුන් දුරකථන සංවාදයක

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සහ රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් තීරණාත්මක දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.

දෙරටේ නායකයින් මෙම තීරණාත්මක දුරකථන සංවාදයේ නිරත වූයේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ අවධානමක් මතුව තිබියදීයි. ලොව ප්‍රබලතම රටවල් දෙකේ නායකයින් දෙපළ අතර සති 3 ක් ඇතුළත සිදුවූ දෙවන දුරකථන සංවාදය මෙයයි. විනාඩි 50 ක් පුරා පැවති සාකච්ඡාවේදී රුසියාව සහ බටහිර සහාය ලබන යුක්රේනය අතර යුද උණුසුම සංසිදුවීමට නායකයින් දෙදෙනාම යම් එකගතාවයකට පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව කටයුතු කළහොත් අමෙරිකාව ප්‍රතිචාර දක්වන බවට ජෝ බයිඩන් ජනාධිපතිවරයා මෙහිදි රුසියාවට අනතුරු අගවා සිටියා.

https://bit.ly/3EJqr4e