ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු බද්ද පහතට

ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු බද්ද පහතට

2022 ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පහත දමා තිබෙනවා.

ඒ අනුව අදාල බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 30කින් අඩු කිරීමට තීරණය කළ බවයි මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ.

මේ දිනවල වෙළෙඳපොළේ අදාළ භාණ්ඩ දෙකෙහි පවතින ඉහළ මිල මට්ටම පහළට ගෙන ඒම මෙම බදු අඩු කිරීමට හේතුවයි.