වනිඳු වෙනුවෙන් මිකී තැබූ සටහන

වනිඳු වෙනුවෙන් මිකී තැබූ සටහන

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ නම අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා සම්මානයට මේ වනවිට නිර්දේශ වී තිබෙනවා.

වනිඳු මෙම සම්මානයට නිර්දේශ වීමත් සමඟ ඔහුට සුබ පතන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු මිකී ආතර් කටයුතු කර තිබුණා.

ඒ, සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින්.

එහි ඔහු සඳහන් කර තිබුණේ “වනිඳු ඔබ තරුවක්” බවයි.

මේ අතර වසරේ ටෙස්ට් ක්‍රීඩකයාගේ සම්මානය වෙනුවෙන් නිර්දේශ වූ නාමයන් අතර සිටින ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට ද සුබ පතන්නට මිකී ආතර් කටයුතු කර තිබුණා.