හතරේ සීමාව පසු කරන කොවිඩ් මාත්‍රාව

හතරේ සීමාව පසු  කරන කොවිඩ් මාත්‍රාව

කොවිඩ් මර්දනය කිරීම සඳහා තෙවන මාත්‍රාව ලබාදීමෙන් පසු සිව්වන මාත්‍රාවකුත් ලබාදීමට සෞඛ්‍ය අංශ අවධානය යොමු කර තිබෙනවා

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ බොහෝ රටවල් මිට බොහෝ කලකට පෙර මෙම තීරණය ගෙන තිබෙන බවයි.

ඒ අනුව බොහෝ රටවල් පළමු ,දෙවන, තෙවන සහ සිව්වන මාත්‍රා ලබා දෙන විට අපේ රටට ගැලපෙන පරිදි අවශ්‍ය දත්ත එක්රැස් කිරීමෙන් පසු සිව්වන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවයි වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ.

එමෙන්ම බූස්ටර් මාත්‍රාව මේ වනවිට මිලියන 3.3 ඉක්මවා ලබා දී ඇති බව සඳහන් වනවා.