නගරයට ආපු තරුණයාට එල්ලවු ප්‍රහාරය

නගරයට ආපු තරුණයාට එල්ලවු ප්‍රහාරය

නත්තල් දින නිවාඩුව ගත කිරීම සඳහා සිය ඥාති නිවසකට පැමිණි තරුණයෙකුට ත්‍රීරෝද රථ රියැදුරන් පිරිසක් විසින් අමානුෂික අන්දමින් පහර දී තිබෙනවා.

අවිස්සාවේල්ල සිට හැටන් – දික්ඔය පොඩයිස් වතුයායේ පිහිටි සිය ඥාති නිවසට අද (25) අලුයම පැමිණි තරුණයෙකුටයි, මෙම පුද්ගල කණ්ඩායම විසින් මෙලෙස පහර දී ඇත්තේ.

සැකකරුවන් තරුණයාට පහර දී ඔහුව ත්‍රීරෝද රථයකට නංවාගෙන රැගෙන ගොස් පහර දී, යළිත් එම ත්‍රී රෝද රථයෙන් ම ගෙනැවිත් බිමට ඇද දා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අද අලුයම 5.30ට පමණ මෙම සිදුවීම සිදුව ඇත්තේ හැටන් නගරයේ පිහිටා ඇති ඔරලෝසු කණුව ඉදිරිපිටදීයි.

මෙම පහර දීමට හේතුව වී ඇත්තේ, අදාළ තරුණයා සිය ඥාති නිවසේ සිට යළි අවිස්සාවේල්ල සිය රාජකාරි කටයුතු කරන මධ්‍යස්ථානය වෙත යාමට පැමිණි ත්‍රීරෝද රථයෙන් පොරොන්දු වූ කුලීරථ ගාස්තුව ඉක්මවා එම ගණන දෙගුණයක් කර ඉල්ලීමයි.

හැටන් නගරයේ සිට පොඩයිස් වතුයාය දක්වා ගමන් කිරීමට එම තරුණයා රුපියල් 600ක ගාස්තුවක් මත කුලි ත්‍රීරෝද රථයක් ගෙන තිබේ.

පසුව යළි හැටන් නගරය වෙත පැමිණි පසුව ත්‍රීරෝද රථ රියදුරා රුපියල් 1,800ක මුදලක් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇතිවූ බහිස්බස්වීමක් මත මෙම පහරදීම සිදුවී ඇති බව වාර්තා වෙයි. පහරදෙන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණි