ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා රිමාන්ඩ්

ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා රිමාන්ඩ්

කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියට සම්බන්ධ ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අද (25) මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එම නියෝගය ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා පොලිසියට පැවසුවේ සිද්ධියට අදාල සියලු තොරතුරු 28 වනදා අධිකරණය හමුවට ඉරිදිපත් කරන ලෙසයි.

ඊයේ (24) රාත්‍රියේ ගන්දර පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකර ඇති බවට පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව මෙම පැමිණිල්ල සිදුකර තිබුණා.